බහරේන් යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

බහරේන් යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

බහරේනයේ මොලේ උන තත්ත්වයක් ව්‍යාප්තවීමේ අවධානම හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මොළය උන සඳහා ලබාදෙන මෙනින්ගොකොකල් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලාංකින්ට අමතරව සෙසු රටවල සිට පැමිණෙන විදේශිකයින්ටද එම එන්නට අනිවාර්ය කර ඇත.

පසුගිය වසරේ පමණක් බහරෙන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4000කට අධික පිරිසක් පිටත්ව ගොස් ඇත.

මෙම මොලේ උණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් බහරෙන් රාජ්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට එන්නත් කිරීම කටයුතු ආරම්භ කර ඇති බව එම කාර්යාංශය පැවසීය.

චන්දන ලක්මාල්

Share This