වෙසක් දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

වෙසක් දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

මෙවර වෙසක් උත්සවය සඳහා සංවිධාන කරනු ලබන සියලුම දන්සැල් මැයි මස 09 වැනිදාට පෙර ලියාපදිංචි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සියලු සංවිධායකයින් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියපදිංචි වන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

දන්සල් සංවිධාන කිරීමට අවශ්‍ය තොරතුරු ඒ කාර්යාලවලින් ලබා ගත හැකිය.

එමෙන්ම වෙසක් සමයේ දන්සැල්, ආහාර අලෙවිසැල්, හෝටල් සහ ජංගම ආහාර වෙළෙඳ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා මහජන පරීක්ෂකවරුන් 3,000ක් පමණ යොදවන බව ද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් කියාසිටියි.

Share This