ජනපති සහ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනවලට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක හමුවක් හෙට (10) පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

විපක්ෂය නියෝජනය කරන පක්ෂ 12ක නායකයන්  සිදු කළ ඉල්ලීමට අනුව මෙම අවස්ථාව ලබා දෙන බව ද එහි දැක්වෙයි.

Share This