ස්පාඤ්ඤයේ කේබල් කාර් අනතුරක්

ස්පාඤ්ඤයේ කේබල් කාර් අනතුරක්

ස්පාඤ්ඤ පිරනීස් හි ඇස්ටූන් නිවාඩු නිකේතයේ කේබල් කාර් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
කේබල් කාර් ක්‍රියාත්මකවන කප්පියක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් කේබලයක් ලිහිල් වී පුටු කිහිපයක් බිමට වැටී ඇති අතර, එමඟින් ස්කී ක්‍රීඩකයින් හිම මතට විසි වී තිබෙනවා.
සමහරක් දෙනා මීටර් 15 ක් උස (අඩි 50) කේබල් පුටු සමගම එල්ලී සිටි බව සඳහන්.
මේවන විට නිවාඩු නිකේතනය වසා දමා ඇති අතර, ගිලන් රථ සහ හෙලිකොප්ටර් මගින් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙනවා.
මෙම අනතුර පිළිබඳ පුවතින් තමා “කම්පනයට පත්” වූ බවයි ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් පවසා ඇත්තේ.

Share This