කමුද සෝස් දාපු රසම රස ”දියවෙන ස්පැගටි පිඟානක්” ! – ඇස් රවටන ”ස්පැගටීස්”
කතාව පටන් ගන්න ඉස්සර ෆොටෝ එක දැක්කාම මොකද හිතුණෙ.
තක්කාලි සෝස් එක්ක රසම රස ස්පැගටි පිඟානක් නේද
හැබැයි ඉතින් මේ ස්පැගටි නම් නෙවෙයි… එතකොට ඔය තියෙන්නෙ සෝස් නෙවෙයි…
එහෙනම් මොනාද මේ..
මේ තියෙන්නෙ වැනිලා අයිස්ක්‍රීම් !!!!
පුදුම හිතුණා නේද.
පුදුම වෙන්න දෙයක් නෑ මේ තියෙන්නෙ අයිස්ක්‍රීම්, විප්ඩ් ක්‍රීම් සහ නැවුම් ස්ට්‍රෝබෙරි සෝස්.
එතකොට මේවගෙ නම ස්පැගටි ළඟින් යන නමක්. ස්පැගටීස් (Spaghettieis ; එය Spaghetti-Eis ලෙසද ලියා ඇත) තමයි මේ.
වාර්තා වන හැටියට Eis කියන්නෙ අයිස්ක්‍රීම් සඳහා භාවිත ජර්මානු වචනය. ඉතින් ඔන්න ඔහොමයි මේ ඇස් රවටන ස්පැගටි වගේ පේන අයිස්ක්‍රීම්, ස්පැගටීස් විදියට නිර්මාණය වෙන්නෙ.
නූඩ්ල්ස් සෑදීමේදී භාවිත මෙවලමක් අනුසාරයෙනුයි මේ අයිස්ක්‍රීම් බඳුන නිමවෙන්නෙ.
ඒ අනුව නූඩ්ල්ස් හැඩයට සැකසෙන අයිස්ක්‍රීම් බඳුන විප්ඩ් ක්‍රීම්, ස්ට්‍රෝබෙරි සෝස් සහ සුදු චොකලට්වලින් සමන්විතයි.
නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේ Eis Fontanella Eismanufaktur Mannheim හි දෙවන පරම්පරාවේ හිමිකරු වන Dario Fontanella ගේ සංකල්පයකි මේ ස්පැගටීස්.
1969 දී ඔහුගේ ඉලක්කය වෙලා තියෙන්නෙ සම්භාව්‍ය ඉතාලි පැස්ටා කෑමක අයිස්ක්‍රීම් අනුවාදයක් නිර්මාණය කිරීම.
මේ විදියට කෙඳි ආකාරයට අතුරුපසක් නිමවෙන අයුරු ඔහු දැක ඇත්තේ වයස අවුරුදු 17 දී. පසුව ඔහු දැනගන්නේ අර්තාපල් රයිසරයක් තුළින් (Potato ricer) මෙලෙස නිමවන බව.
අන්න ඒ විදියට ආව අදහස අනුවයි ස්පැගටීස් නිර්මාණය වෙන්නෙ.
මේ විදියට නිර්මාණය වන ස්පැගටි මෙන් දිස්වන අයිස්ක්‍රීම් අවසානයේදී නතර වෙන්නෙ ළමයින්ගේ පමණක් නෙවෙයි වැඩිහිටියන්ගේත් ආකර්ෂණය දිනාගෙන…
එහෙනම් හිතවතුනි, කාලා බලමුද අපිත් මේ රසම රස ”ස්පැගටීස්” බඳුනක්