දකුණු කොරියානු ජනාධිපති යූන් අධිකරණයට
දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යූල් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත ඔහුව රඳවා තබා ගැනීම දීර්ඝ කරන ලෙස විමර්ශකයින් කළ ඉල්ලීමකට අදාලවයි.
දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන්ගේ නීතීඥවරයා තර්ක කරන්නේ ඔහුව නිදහස් කළ යුතු බවයි.
පසුගිය දෙසැම්බර් 3 වන දින කෙටි කාලීනව යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනුණා.
එවැනි අපරාධ පරීක්ෂණයකදී අත්අඩංගුවට ගත් පළමු ධුරයේ සිටින දකුණු කොරියානු ජනාධිපතිවරයා බවට යූන් හඳුනා ගැනෙනවා.
යූන් දින 20 දක්වා රඳවා තබා ගැනීම දීර්ඝ කිරීම සඳහායි විමර්ශකයින් මෙලෙස අදිකරනයෙන් රැඳවුම් වරෙන්තුවක් ඉල්ලා ඇත්තේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් දා සිට සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යූල් විමර්ශකයින් සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.