වසර නවයකට පසු දකුණු කොරියාවේ උපත් අනුපාතය ඉහළට
වසර නවයකට පසු පළමු වරට 2024 දී දකුණු කොරියාවේ උපත් අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.
ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ විවාහ නැවත ඇතිවීමත් සමඟයි.
ලෝකයේ අඩුම සරු භාවයේ අනුපාත වාර්තා කර ඇති දකුණු කොරියාව 2024 ජනවාරි සිට 2024 නොවැම්බර් දක්වා කාලය තුළ අලුත උපන් බිළිඳුන් සංඛ්‍යාව පෙර වසර සාපේක්ෂව 3% කින් 220,094 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අඛණ්ඩව අටවන වසර ලෙසින් 2023 දී, අලුත උපන් බිළිඳුන් 7.7% කින් පහත වැටුණු අතර,එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික සරු භාවයේ අනුපාතය ද 0.72 ක් ලෙසයි සටහන් වූයේ .
එය ගෝලීය වශයෙන් අඩුම අගයක් බව දකුණු කොරියානු බලධාරීන් ප්‍රකාශ කළා.
2023 දී විවාහයන් ඉහළ යාමත් සමඟ මෙම වැඩිවීම සිදු වූ අතර, වසංගතය අතරතුර දකුණු කොරියානු යුවල විවාහයන් කල් දැමීමෙන් පසු,2023 දී ඔවුන්ගේ විවාහ කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ වසර 12 ක් තුළ සිදුවූ වැඩිම විවාහ සංඛ්‍යාව වාර්තා කරමින්.
එහි විවාහ සහ උපත් අතර ඉහළ සහසම්බන්ධයක් ඇති අතර, දකුනු කොරියානුවන් විවාහය බොහෝ විට දරුවන් ලැබීමට පූර්ව අවශ්‍යතාවයක් ලෙස සලකනවා.
පසුගිය වසරේ රජයේ සමීක්ෂණයක් මගින් දකුණු කොරියානුවන්ගෙන් 62.8% ක් විවාහයෙන් පිටත දරු ප්‍රසූතියට විරුද්ධ බව පවසා තිබෙනවා.