දකුණු කොරියානු වොන් අගය සීග්‍ර ලෙස පහළට

දකුණු කොරියානු වොන් අගය සීග්‍ර ලෙස පහළට

දකුණු කොරියාවේ වොන් එකක අගය වසර 15කට පසුව අවම අගයකට පහත වැටී තිබෙනවා.
ඒ අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය විසින් පොලී අනුපාත කප්පාදුව සම්බන්ධයෙන් ගත් නව තීරණ සහ එරට දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන්.
මේ වන විට දකුණු කොරියාවේ වොන් එකක වටිනාකම අමෙරිකානු ඩොලර් 1,448.9 ක් වන අතර, 2009 මාර්තු 16 න් පසු ලබා ගත් දුර්වලම අගය සටහන් කර තිබෙනවා.ලබන ජනවාරි මස 20වනදා සිට අමෙරිකාවේ ජනපති ලෙස පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති හා සමපාත වෙමින්, මේ ආකාරයට ආසියාවේ ආර්ථිකයට නියතවශයෙන්ම බලපැම් කළ හැකි නව තීරණ ක්‍රියාත්මකවණු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

Share This