දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට
දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙයොල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පසුගිය දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කිරීම යන චෝදනා මතයි.
දකුණු කොරියානු දූෂණ විරෝධී ඒජන්සිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහය අසාර්ථක වූ බව සඳහන්.
ජනපති යූන් සුක් යෙයොල් සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගොනු කර තිබූ නඩු ඊයේ (14) කැඳවා තිබූ අතර එහිදී ඔහුට එරෙහිවප නිකුත් කර තිබූ වරෙන්තුව දීර්ඝ කිරීමටයි පියවර ගෙන තිබුණේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.
ධුර කාලයේදී අත්අඩංගුවට පත් වූ ප්‍රථම දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙසයි, යූන් සුක් යෙයොල් සැලකෙන්නේ.