දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිටත් දෝෂාභියෝගයක්
මුදල් අමාත්‍ය වැඩබලන ජනාධිපති ධුරයට
දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට එරට පාර්ලිමෙන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සෝක් යූල්ට දෝෂාභියෝගය ඉදිරිපත් කර ඔහුව බලයෙ පහ කර සති දෙකකට පසුවයි.
පාර්ලිමෙන්තුවේ නීති සම්පාදකයින් 192 දෙනෙකු ඔහුගේ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දේ ඇති අතර, එය සම්මත වීමට අවශ්‍යව ඇත්තේ ඡන්ද 151 ක් පමණයි.
පසුගිය දෙසැම්බර් 3 වන දින යුද නීතිය පැනවීමට ජනාධිපති යූන් දැරූ අසාර්ථක උත්සාහයෙන් පසු පාර්ලිමේන්තුව විසින් ඔහුව දෝෂාභියෝගයට ලක් කිරීමෙන් පසු අගමැති ධූරය දැරූ හැන් එම ජනපති තනතුරට පත්වුණා.
නව ජනපති වූ හැන් දකුණු කොරියාව දේශපාලන කැලඹිලිවලින් පිටතට ගෙන ඒමට නියමිත් වූවත්, විපක්ෂ මන්ත්‍රීවරුන් තර්ක කළේ ඔහු හිටපු ජනපති යූන්ගේ දෝෂාභියෝග ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහාවන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි.
කෙසේ වෙතත් මේ වන විට වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ ට එරෙහිව සම්මත වූ දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තුව විසින් ඔහුට නිල වශයෙන් දැනුම් දුන් පසු ඔහුගේ රාජකාරිවලින් ඔහුට ඉවත්වීමට සිදුවණු ඇති.
ඉන් අනතුරුව මුදල් අමාත්‍ය චෝයි සං-මොක්, හැන් ඩක්-සූ වෙනුවට වැඩබලන ජනාධිපති ධුරයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.