ටෙස්ට් ක්‍රිකට් වාර්තා රැසක් අලුත් කරන දකුණු අප්‍රිකාවේ ව්‍යාන් මල්ඩර්

සංචාරක දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දින තරගය මේ වනවිට දිවා ආහාරය සඳහා නතර කර තිබේ.
ඒ වනවිට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 05ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 626කි.
එහිදී ව්‍යාන් මල්ඩර් ලකුණු 367ක් සහ කයිල් වරෙන්යන් ලකුණු 42ක් ලබා නොදැවි පන්දුවට පහරදෙමින් සිටිති.
මෙම ඉනිමේදී ව්‍යාන් මල්ඩර් ටෙස්ට් ක්‍රිකට් වාර්තා රැසක් අලුත් කිරීමට සමත් විය.
ඒ අනුව ඔහු හතරේ සහ හයේ පහරවලින් ලකුණු 220ක් මේ දක්වා ලබාගෙන ඇති අතර එය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් එලෙස රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.
මීට 1970 වසරේදී රොබර්ට් පොලොක් එලෙස ලකුණු 172ක් රැස්කර ඇත.
එමෙන්ම මල්ඩර් පන්දු 297කදී ත්‍රිත්ව ශතකය ලබාගත් අතර එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන වේගවත් ත්‍රිත්ව ශතකය වේ.
වේගවත්ම ත්‍රිත්ව ශතකය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග් රැස්කරගෙන ඇති අතර ඊට ඔහු වැය කළ පන්දු සංඛ්‍යාන 278කි.
එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳහෙළීමට ඔහු තවත් ලකුණු 33ක් ලබාගත යුතුය.