දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක්

2025 ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහතරගයෙන් ජයගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක් හිමව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 212කි.

ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 207ක් ලබාගත්තහ.

ඒ අනුව මෙම තරගයෙන් ජයගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක් හිමි විය.

ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ තෙවන දිනය අදයි.

Share This