මිය ගිය පියාගේ විශ්‍රාම වැටුප් ගත්ත පුතා

මිය ගිය පියාගේ විශ්‍රාම වැටුප් ගත්ත පුතා

මියගිය තම පියාගේ විශ්‍රාම වැටුම වසර එකහමාරක් හොරට ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පානදුරදකුණු පොලිසිය කියයි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරිය කර මියගිය තම පියාගේ විශ්‍රාම වැටුම එම සැකකරු මවත් සමඟ බද්ධගිණුමක් ලෙස ආරම්භ කර ඇත.

මෙම සැකකරු පානදුර වලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි.

මීට වසර එකහමාරකට පෙර තම මවද මිය යාමෙන් පසුව සැකකරු රුපියල් ලක්ෂ හයක අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිසිය කියයි.

  • චන්දන ලක්මාල්
Share This