ලියාපදිංචි නොකළ ජංගම දුරකථන හොයන්න මෘදුකාංගයක්

ලියාපදිංචි නොකළ ජංගම දුරකථන හොයන්න මෘදුකාංගයක්

අනුමැතිය නොලද ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වාදීමට විදුලිය සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ, අනුමැතියෙන් තොර කිසිඳු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙසයි.

මෙරට තුළ නීතිවිරෝධි ක්‍රියා සඳහා ජංගම දුරකතන භාවිත කිරීම අධිකවී ඇති බව සඳහන්.

ඒවා අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම ලියාපදිංචි ක්‍රියාවලිය හේතුවෙන් ජංගම දුරකථන මිල ඉදිරියේදී පහළ යනු ඇති බවට අපේක්ෂා කරන බව ද බන්දුල හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියා.

Share This