ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 05ක ජයක්

ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 05ක ජයක්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 235කි.

එහිදී ඇන්ඩ්‍රි ඩෙර්ක්සන් නොදැවී ලකුණු 61ක් ද ලාරා ගුඩල් ලකුණු 46ක් ලබාගත්තහ.

පන්දුයැවීමේදී මල්කි මදාරා කඩුලු 04ක් බිඳහෙළුවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 236ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා පිළ පන්දුවාර 46.3කදී කඩුලු 05ක් පමණක් දැවී තරගය ජයගැනීමට සමත් වූහ.

එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 77ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 61ක් ලබාගත්තහ.

ඒ අනුව දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.

Share This