මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් හයදෙනෙකු කොටු

මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් හයදෙනෙකු කොටු

වලංගු අවසර පත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් අල්ලමින් සිටි සැකකරුවන් හයදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර, කායක්කුලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ අද (25) උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීයි.

එහිදී සැකකරුවන් සමග මුහුදු කූඩෑල්ලන් 1205ක තොගයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 52ත් අතර වයස්වල පසුවන කල්පිටිය, මන්ඩලකුඩා, කල්පන්තිනේගම, ආනවාසල, සින්නකුඩිඉරිප්පු, හයිජරවත්ත, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එම සැකකරුවන් හයදෙනා, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගී යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.

 

Share This