බීමතින් සිසු සැරිය බස් රථය ධාවනය කළ රියදුරුට වැඩ වැරදුණු හැටි

බීමතින් සිසු සැරිය බස් රථය ධාවනය කළ රියදුරුට වැඩ වැරදුණු හැටි

කටුපොත පොලිසියේ රථ වාහන නිලධාරීන් ඊයේ දහවල් සිසු සැරිය බස් රථයක් බීමතින් ධාවනය කරමින් සිටි බස් රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 52 වු රදලියගොඩ කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම බස් රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කර ඇත.

හදාළ බස් රථ රියතුරු අද (20) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකම රථවාහන වැරදි සම්බන්ධයෙන් මෙහෙයුම් සිදුකරමින් පවතින බව පොලිසිය කියා සිටියේය.

චන්දන ලක්මාල්

Share This