හඳුන්නෙත්තිගේ නම භාවිත කරමින් මුදල් වංචා කළ අයට වැඩ වරදින ලකුණු
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම අවභාවිත කරමින් විප්‍රවවාසී ජනතාවගෙන් මුදල් රැස්කළ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා විසින්.
සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන කටයුතු සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ බැංකු වාර්තා කැඳවන ලෙසට නියෝග කර ඇති බව සඳහන්.
සිය නම අවභාවිත කරමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරමින් වංචනික ලෙස මුදල් රැස්කරන බවටයි, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ.
ඒ අනුව ඊට අදාළ නඩුව අද (30) අධිකරණයේදී කැඳවනු ලැබුවා.
එම විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ බව සඳහන්.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.