ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් කණ්ඩායමට විශාල කරදරයක් ඇති වන ලකුණු
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමිංග්ස් අයි.සී.සී ශුරයින්ගේ කුසලානයට සහභාගී වීම අවිනිශ්චත තත්ත්වයක් උදාවී තිබෙනවා.
ඒ, ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී පාදයේ වළලුකර ප්‍රදේශයේ ඇතිව බව කියන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
පැට් කමිංග්ස් සිය බිරිඳගේ දරු ප්‍රසූතය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට එක් නොවන බවයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ඉදිරියේදී ඔහුගේ පාදය ස්කෑන් කිරීමට නියමිත බව ද සඳහන්.
එහි ප්‍රතිඵල මත ඉදිරි තරග සම්බන්ධයෙන් සැලැසුම් කරන බවයි, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි සඳහන් කළේ.
අයි.සී.සී ශූරයින්ගේ තරගාවලිය ලබන මාසයේදී පාකිස්ථානය සහ එක්සත් අරාබිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇති.