අනුරාධපුර රාජ්‍ය නිලධාරීන් පිරිසකට සංඥා භාෂා පුහුණු වැඩමුළුවක්

අනුරාධපුර රාජ්‍ය නිලධාරීන් පිරිසකට සංඥා භාෂා පුහුණු වැඩමුළුවක්

රාජ්‍ය නිලධාරීන් සඳහා වු සංඥා භාෂා පුහුණු වැඩමුළුවක් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ, පසුගිය දා අනුරාධපුර දිස්‍ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතාගේ මුලිකත්වයෙන්.

එම වැඩමුළුව දිසත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරුණා.

සංඥා භාෂාවෙන් සන්නිවේදනය කිරිම සඳහා පහසුකම් සැපයීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන අතර ඒ හේතුවෙන් කථන හා ශ්‍රවණාබාධ සහිත ප්‍රජාවන් සඳහා මෙවැනි වැඩසටහනක් බෙහෙවින් වැදගත් වනු ඇති.

මෙම පාඨමාලා ඔස්සේ ඉදිරියේ දී රාජ්‍ය නිලධාරීන් 50 දෙනෙකු පුහුණු කිරිමට සැලසුම් කර තිබෙනවා.

ඒ, ආරක්ෂක අංශය ඇතුලු සියලු රාජ්‍ය ආයතන නියෝජනය වන අයුරින්.

2012 සංගණනයට අනුව මෙරට අබාධිත ප්‍රජාව ප්‍රතිශතයක් ලෙස 8.7% ක් වනවා.

එනම් මුළු ජනගහනයෙන් ලක්ෂ 16 කට වැඩි පිරිසක්.

ඉන් ශ්‍රවණාබාධ හා කථනාබාධ සහිත ප්‍රජාව එක්ලක්ෂ අසුදාහකට අධිකයි.

ඒ අනුව අබාධ සහිත කාන්තාවන්ගේ සංගමය මගින් මෙම වැඩසටහන දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක සුමිත් රත්නායක, ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය (ආකාස) එන්. ජී. කමලාවතී මෙනෙවිය ඇතුලු කාර්ය මණ්ඩලය හා පාඨමාලාව හා සම්බන්ධ රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියා.

Share This