දොඩංගොඩ නිවෙසකට වෙඩි ප්රහාරයක්
දොඩංගොඩ විල්පාත ප්රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
නිවසේ ජනේලයට වෙඩි ප්රහාර හතරක් එල්ලවී ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.
එහිදී කිසිවෙකුට හානි සිදුව නොමැති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගර නිලධාරින් විසින් පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ඒ සඳහා විශේෂ බලකා සෙබළුන් ද කැඳවා තිබුණා.
අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් දොඩංගගොඩ පොලිසිය විසින් පරීක්ෂණ ක්රියාත්මකයි.