වැලිගම වෙඩිතැබීමක් – අයෙක් මරුට
වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසනවා.
යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් අද (4) අළුයම මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
මෙහිදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර, අනෙක් තිදෙනා බේරී තිබෙනවා.
ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකුවන අතර, තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර වැලිගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.