කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ අද (22) පෙරවරු 9.30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ සඳහා පැමිණි යතුරුපැදිය සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

වෙඩි තැබීම සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This