දෙහිවල දුම්රිය ස්ථානයේ වෙඩි තැබීමක්

දෙහිවල දුම්රිය ස්ථානයේදී අද (18) පෙරවරු 11.00 පමණ යතුරුපැදියකින් පැමිණි නාදුන්නන පුද්ගලයින් 2 විසින් පුද්ගලයකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිසිය කියයි.
මෙසේ වෙඩි පහරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45 පුද්ගලයෙකි.
මෙම පුද්ගලයාට වෙඩි තැබීම සිදුකර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇත.
වෙඩි වැදීමෙන් අදාල පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
චන්දන ලක්මාල්