ඇලබාමාහි ප්‍රදේශ රැසකට දරුණු කුණාටු

ඇලබාමාහි ප්‍රදේශ රැසකට දරුණු කුණාටු

සෙනසුරාදා රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි ප්‍රදේශ කිහිපයකට දරුණු කුණාටු පද්ධතියක් බලපා ඇති බව වාර්තා වේ.

මෙහිදී හදිසියේ වාර්තා වුණු ටොනේඩෝවකින් සහ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවුණු ගංවතුර තත්ත්වයක් සමගින් දකුණු ප්‍රාන්ත ගණනාවක අනතුරු අඟවා ඇත.

විශේෂයෙන් මිසූරි සහ මිසිසිපි හි ප්‍රාන්තවලට ටොනේඩෝවේ බලපෑම් එල්ල වී ඇත.

දරුණු කාලගුණික තත්ත්ව හේතුවෙන් මිසුරි හි පුද්ගලයින් 12 දෙනෙකු ඇතුළුව මධ්‍යම ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් තිබේ.

සඳුනි තිලකරත්න

Share This