දුම්රිය කිහිපයක් ප්‍රමාද වෙයි

දුම්රිය කිහිපයක් ප්‍රමාද වෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්‍රමාද වී ධාවනය කරනු ඇත.

බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් දෙකක් ස්ථාන දෙකකදී කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share This