අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි
දුම්රිය ගමන් වාර 15ක් පමණ අද (18) දිනයේත් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන්.
කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන බැවින් සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදු නොවනු ඇති බව සඳහන්.
දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් ඊයේ (17) දිනයේද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීම සිදුව තිබුණා.