වැසි වාර කිහිපයක්

ප්‍රදේශ කිහිපයකට අද (08) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
වයඹ පළාතේ වැසි කිහිපයක් ඇතිවිය හැකිය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්