අවසන් වරට රාත්‍රී අහසේ දර්ශනය වන ග්‍රහලෝක හතක්

අහස නිරීක්ෂකයින්ට අඟහරු, බ්‍රහස්පති, යුරේනස්, සිකුරු, නෙප්චූන්, බුධ සහ සෙනසුරු යන ග්‍රහලෝක හතම අවසන් වරට අද (28) සවස අහසේ දැකගත හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම සංසිද්ධිය ‘ග්‍රහලෝක පෙළපාළියක්’ ලෙස හඳුන්වන අතර එය ඉතා දුර්ලභ දසුනක් වේ.
එසේම 2040 වන තෙක් ග්‍රහලෝක හතක් එකවර මෙතරම් හොඳින් දැකිය හැකි අවසාන අවස්ථාව ද මෙය වනු ඇත.
මෙම ග්‍රහලෝක වඩාත් පැහැදිලිව දැකීමට හොඳම අවස්ථාව අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල හිරු බැස යෑමෙන් පසුවය.
බුධ, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු ග්‍රහලෝක හතර පියවි ඇසට දැකගත හැකිය. සෙනසුරු ග්‍රහයා ක්ෂිතිජයේ පහළින් පිහිටා ඇති බැවින් එය දැකීම දුෂ්කර වනු ඇත. අනෙක් ග්‍රහලෝක දෙක වන යුරේනස් සහ නෙප්චූන් හඳුනා ගැනීමට දුරේක්ෂයක් අවශ්‍ය වනු ඇත.
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පෘථිවිය හා සමාන පැතලි තලයක සූර්යයා වටා කක්ෂගත වේ.
ඒවා සූර්යයාගේ සිට විවිධ වේගයන් සහ දුරින් කක්ෂගත වන විට පෘථිවියේ දෘෂ්ටිකෝණයෙන් ඒවා පෙළ ගැසී ඇති බව පෙනෙන අවස්ථා තිබේ. එය දර්ශනීය දෘශ්‍ය සංදර්ශනයක් නිර්මාණය කරයි. නමුත් ග්‍රහලෝක අභ්‍යවකාශයේ විශාල දුරකින් වෙන්ව පවතී.
සිකුරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක ඒවායේ දීප්තිය නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. අඟහරු ග්‍රහලෝකයට පැහැදිලි රතු පැහැයක් ඇත. එබැවින් එයද හඳුනාගැනීමට පහසු වනු ඇත.
අදාල දිනවලදී පැහැදිලි අහසක් දිස්වේනන් ඒ ග්‍රහලෝක සියල්ල දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් ග්‍රහලෝක හතම දැක ගැනීමට ඇති අවස්ථාව ඉතා කෙටි වනු ඇත.
- සඳුනි තිලකරත්න