‘මහින්ද රාජපක්ෂගේ’ ආරක්ෂාව ගැන බරපතල අනාවරණයක්
(වීඩීයෝ)
හිටපු නායකයෙකු, ජනාධිපතිවරයෙකු හෝ වේවා අග්‍රාමාත්‍යවරයෙකු හෝ වේවා ධූර කාලයෙන් පසු ඔවුන්ට ආරක්ෂාව ලබාදීම ලෝකයේ පිළිගත් සිද්ධාන්තයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.
මොනරා ‘ඉර’ ඩිජිටල් සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ඒ අනුව ලෝකයේ බිහිසුණුම මිනීමරු ත්රස්වාදය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු නොකළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කළේ හිටපු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක ජීවීත තර්ජන ඇතිවිය හැකි බවයි.
‘වරප්‍රසාදය සහ ආරක්ෂාව යනු දෙකක් බවත්, වරප්‍රසාදය යනු ආරක්ෂාව නොවන බවත් මනෝජ් ගමගේ මහතා එහිදී පෙන්වා දුන්නා.
‘ඉර ඩිජිටල්’ සම්පූර්ණ වැඩසටහන මෙතනින්න බලන්න👇🏻