හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කෙරේ

මහින්දගේ ආරක්ෂාව 116 සිට 60 අඩු කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ට ඇති ආරක්ෂක තර්ජන පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීමෙන් පසු ඔවුන්ගේ ආරක්ෂාව අඩුකර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 116 සිට 60 දක්වා අඩු කර ඇති බව සඳහන්.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථ තුනක් ද ඉවත්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව ද සාමාජිකයන් 51 දෙනෙකුට කට සීමා කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්‍ෂාව ද 58 දක්වා අඩු කර ඇති බව සඳහන්.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ද ඉදිරියේදී කප්පාදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

Share This