චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන්

චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන්

යාපනය, චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ සිදු කළ දෙවන අදියරේ කැණීම් කටයුතු ඊයේ (10) දින අවසන් කළ බව කැණීම් නිලධාරීහු පවසති.

ඒ අනුව මේ දක්වා මිනිස් සිරුරු 65කට අදාළ  අස්ථි කොටස් ගෙන ඇති බවන ඔවුහු සඳහන් කරති.

මෙහි තෙවන අදියරේ කැණීම් කටයුතු ජූලි 21 වනදා ආරම්භ කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්වේ.

මෙම කැණීම් කටයුතු සිදු කරනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම ස්ථානයෙන් හමුවූ අස්ථි කොටස් තවමත් කාල නිර්ණය සඳහා යොමු කර නොමැති බවත් එම අස්ථි කොටස් සම්බන්ධයෙන් තවමත් නිගමනයකට එළඹ නැති බව කැණීම් නිලධාරීන් සඳහන් කළේය.

Share This