දිවුලගලදී පැහැරගත් පාසල් දැරිය බේරාගැනීමට ගිය වීර තරුණයා කියූ කතාව

දිවුලගලදී පැහැරගත් පාසල් දැරිය බේරාගැනීමට ගිය වීර තරුණයා කියූ කතාව

ගම්පොළ – දිවුලගල ප්‍රදේශයේදී පාසල් දැරිවියක් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඇය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊට විමර්ශන කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

කළු පැහැති වෑන් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම පැහැර ගැනීම සිදු කළ බව අදාළ ක්‍රියාව වැළැක්වීමට උත්සහ කළ තරුණයෙකු කියා සිටියා.

ඒ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මෙම තරුණයා රථයේ එල්ලී මීටර් 500ක පමණ දුරක් ගමන් කර තිබුණා.

කෙසේවෙතත් ඔහුට පහර දී බිම දැමීමට සැකකරු කටයුතු කළ බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් එම තරුණයා මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා.

“කෙල්ලව උස්සගෙන යන කොට මම ගිහිල්ලා ගැහුවා. අතහරින්න කිව්වා. අතහැරියේ නැහැ. ඊට පස්සේ මම බේරගන්න ට්‍රයි කළා, ඊට පස්සේ ටිකක් ඉස්සරහට ගිහිල්ලා මාව තල්ලු කරලා ගියා. වෑන් එකේ තුන්දෙනෙක් හිටියා. ම‌ගේ ටිකක තුවාල වුණා. මගේ දකුණු අතේ ඇඟිල්ල හැපුවා. වම් අතයි, වම් කකුලයි තුවාල වුණා. අරයා තල්ලු කළයින් පස්සේ මම බිමට වැටුණා නේ. ඒකයි..”

Share This