සෞදියටත් විස්සයි විස්ස ලීගයක්

සෞදි අරාබියේදී විශේෂ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ අනුව සෞදි අරාබියේ සුපිරි ධනවතුන්ගේ අරමුදලින් සෞදි ක්‍රිකට් පරිපාලනය මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. හිටපු ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සංකල්පයක් සහ සැලසුමකට අනුව මෙම තරගාවලිය පැවැත්වීමට මේ වන විටත් කටයුතු යොදා අවසන් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දක්වා ඇත.
එසේම මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් ඇතුළත්ය. ඊට ලොව විස්සයි-20 පිටියේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්වීමට මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බව ද දැක්වේ.
එසේම මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟින් සෞදි අරාබි ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා පවත්වා අවසන් බව ද සඳහන්ය. එහිදී මෙම තරගාවලිය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් අයි.සී.සී.යෙන් හිමිව ඇති බව ද දැක්වේ.
මෙහිදී පළමු වරට ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ තරගාවලියක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය විවිධ කාල රාමු 4ක ලොව තෝරාගත් ස්ථාන 4කදී පැවැත්වීමට සැලසුම් කර තිබීම ද විශේෂත්වයකි.
එසේම සෞදි අරාබිය මෙම තරගාවලිය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක පමණ අයෝජනය කිරීමේ සූදානමින් පසු වන බවද සඳහන්ය.
- විමුක්ති ලංකා