”මම මේ චරිතය ඇත්තටම දැකලා තියෙනවා…” – ‘රාණි’ සමඟ ඔබ හමුවට එන, ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලක
කාලෙකට පස්සෙ සිංහල සිනමා සිත්තමක් ගැන ලාංකීය සිනමා රසවතුන් අතර දැඩි කුතුහලයක්, නොඉවසිලිමත් බවක් හටගෙන.
චිත්‍රපටය එනකල් මඟ බලාගෙන ඉන්න තැනට ඇවිත්.
චිත්‍රපටය ගැන පූර්ව සටහන් ලියවෙන, චිත්‍රපටයේ ප්රචාරක කටයුතු ගැන පවා විචාර ලියවෙන, චිත්‍රපටයේ පෝස්ටර් සිනමා රසවතුන් අතින් නිර්මාණය වෙන තැනට ඇවිත්.
ඒ වෙන කිසිවක් වෙනුවෙන් නෙවෙයි, ශ්‍රී ලාංකේය සිනමාවට සිය අභිමානවත් සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජාත්‍යන්තර සිනමා සන්නාමය ‘Lyca Productions‘ ඔබ වෙත ගෙනෙන ‘රාණි‘ සිනමා සිත්තම වෙනුවෙන්.
ඇගේ ඇස අග, තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය, ඇල්බොරාදා, ඉනි අවන් වැනි මතභේදාත්මක සමාජීය වශයෙන් දැඩි කතාබහක් නිර්මාණය කළ, සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ අසෝක හඳගමයන්ගේ තවත් එක් සුවිශේෂී කලා කෘතියකි, “රාණි”
චිත්‍රපටය දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ඇරඹෙන්නෙ, ජනවාරි 30 වැනිදා.
ඒ කියන්නෙ, සිංහල සිනමාවට ‘Lyca Productions‘ වෙතින් පිදෙන, ස්වර්ණමය තිළිණය පිළිගන්න ඔබට ඇත්තේ තවත් දින තුනක් විතරයි.
ගෙවුණු දවසක චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය පැවැත්වුණා, වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී.
ඒ, “රාණි” පවුලම එකට එක්කාසු කළ අති උත්කර්ෂවත් කටයුත්තක් හැටියට.
එතැනදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, සිංහල සිනමාවේ සදාකාලික තාරුණ්‍යට හිමිකම් කියන ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලකයන් ද ‘රාණි’ සමඟ කරළියට එන සිය චරිතය පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබුණා.
”තිර රචනය දුන්නට පස්සෙ ඒ ඇති වෙච්ච අභියෝගය ඉතාම දැඩිව තිබුණා.
මොකද මේ චරිතය ජීවමානව මම දැකලා තියෙනවා. ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරලා නම් නැහැ.
නමුත් ඒ භාහිර ස්වරූපය එහෙම මම ඉතා හොඳින් දැකලා තියෙනවා.
ඒ නිසා ඒ භාහිර ස්වරූපයට අනුරූපව හැඩගැසෙන්න මම උත්සාහ කළා, ඇඟ ටිකක් මහත් කරගෙන එහෙම.
චරිතය ජීවමානව දැකපු අයත් ,ජීවමානව නොදැකපු අයත්
විශේෂයෙන්ම මේක චිත්‍රපටයක් විදියට සලකලා, චිත්‍රපටයේ ඉන්න චරිතයක් විදියට සලකලා කල්පනා කරන අයත්
මම සාධාරණත්වයක් කරලා තියෙනවා නම්,,
ඒ සාරාධරණත්වය කිරීම ගැන ඔවුන්ගෙන් ලැබෙන්නා වූ කුඩා සුබ ප්‍රාර්ථනාවක් වුවත් මට මහ මෙරක්…”