රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හරියි

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබේ.
ඒ, රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට අඛණ්ඩව ලැබුණු චෝදනා පදනම් කරගමිනි.
සංඝ සභාවෙන් නෙරපා හැර ඇති බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යංශය, බුද්ධශාසන අමාත්‍යංශය ඇතුළු ආයතන රැසක් වෙත යොමු කර ඇත.
මේ බව ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ ඇතුළු නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (02) දින දැනුම්දී තිබේ.
‘රාජාංගනය හාමුදුරුවෝ’ නමින් යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබාදී ඇති බව සඳහන් වේ.
ඒ අනුව පෙබරවාරි මස 21 වැනිදා විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමකින් සමන්විත විනය කමිටුවට එය යොමු කරන ඉන් වැරදිකරු කර භික්ෂු භාවයෙන් නෙරපා ඇති බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.