පාසල් සිසුන්ට පාවහන් ගන්න රුපියල් 3000ක්
පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000ක් බැගින් තිළිණ පතක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි.