අභිනන්දන උපහාරයෙන් පිදුම් ලද රාජකීය පරිවර්තක එම්.කේ රාහුලන්

ශ්‍රී ලංකාවේ භාෂණ පරිවර්තන ක්ෂේත්රයේ අද්විතීය භාෂණ පරිවර්තකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සය දෙනෙකුගේ නිල භාෂණ පරිවර්තක ලෙස කටයුතු කළ එම්.කේ රාහුලන් මහතා 2025.05.26 වන දින අභිනන්දන උපහාරයෙන් පිදුම් ලැබීය.
ඊයේ (26) දිනයේ පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයක දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානී රෝහනධීර මහත්මිය විසින් රාහුලන් මහතා වෙත එකී සම්මානය ප්‍රධානය කොට ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ත්‍රෛ භාෂා නිපුණතාවයට අමතරව මලයාලම් බස හැසිරවිය හැකි අද්විතීය භාෂා ප්‍රවීනයෙක් වන එතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර් ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රත්නසිරි වික්‍රමනායක, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන රාජ්‍ය නායකයන්ගේ නිල පරිවර්තකයා ලෙස ද කටයුතු කළේය.
සහන කතා පරිවර්තකයෙකු ලෙස පාර්ලිමේන්තු සේවයට සම්බන්ධ වූ එම්.කේ රාහුලන් මහතා, නිලධාරි කතා පරිවර්තක, ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක, නියෝජ්‍ය ප්‍රධාන කතා පරිවර්තක, ප්‍රධාන කර්තෘ පරිවර්තක මෙන්ම ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්යක්ෂවරයා ලෙසද සේවය කොට ඇත.
එසේම පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ලැබූ ඒ මහතාගේ සේවය රටට තවදුරටත් අවශ්‍ය බව සිතූ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ අධ්යක්ෂ ලෙස තනතුරක් ස්ථාපනය කොට එම්.කේ රාහුලන් මහතාව සිය නිල භාෂණ පරිවර්තකයා ලෙස පත් කළේය.
භාෂණ පරිවර්තකයෙකුට එහා ගිය පෞරුෂයකට මෙන්ම මානූෂිය, සහකම්පනයෙන් යුතු චරිතයකට උරුමකම් කියු එතුමා භාෂණ පරිවර්තන ක්ෂේත්රය ඉහළ නැංවීම වෙනුවෙන් අපමණ සේවයක් ඉටු කළ අතර නොයෙකුත් සමාජ සත්කාරවලටද සිය දායකත්ත්වය නිරන්තරයෙන් ලබා දී ඇත.
පාර්ලිමේන්තුවේ මෙන්ම රාජ්‍ය නායකයාගේ නිල කාර්යාලය වන ජනාධිපති කාර්යාලයේ ද භාෂණ පරිවර්තන සංචිතයක් පිහිටවිය යුතු බව අඛණ්ඩව අවධාරණය කළ එතුමා 2018 වර්ෂයේ දී විනිවිධභාවයෙන් යුතු සම්මුඛ පරීක්ෂණයක් පවත්වා භාෂණ පරිවර්තකවරුන් 15 – 20 දෙනෙකුට ආසන්න පිරිසකින් සමන්විත සංචිතයක් පිහිටුවීමේ පුරෝගාමීයා ලෙස කටයුතු කළේය.
ඒ තුළින් රාජ්‍ය නායකයා හා රටේ සුළුතර ජන කොටස් අතර සම්බන්ධීකරණය හා ජාත්‍යන්තර ප්‍රජාව අතර සම්බන්ධීකරණය පහසු කිරීම එමගින් අපේක්ෂා කෙරිණි.
ඊයේ (26) පැවති මේ උත්සවයේ දී විශ්‍රාමික පාර්ලිමේන්තු භාෂණ පරිවර්තකවරු වන ක්‍රිස්ටෝපර් මහතා, නිසාම් මහතා, රත්නසීලි මහත්මිය, හීන්දෙනිය මහත්මිය යන අයද ඇගයීමට ප්‍රත්‍ර වූහ.