රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම අවසන් තරගයට

රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම අවසන් තරගයට

ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම ඊයේ (29) සමත් විය.

ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු Qualifier තරග කඩුලු 08කින් ජයගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලුරු කණ්ඩායම් නායක රාජාට් පඩිතර් තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 14.1ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 101කි.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 102ක ඉලක්කයක් හඹා ගිය බැංගලුරු කණ්ඩායම පන්දුවාර 10ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී තරගය ජයගත්තහ.

Share This