සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොවේ
සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
තවදුරටත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට රජය දී තිබූ කාලය පසුගිය 10 වැනිදායින් අවසන් වුණා.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට ලබාදුන් එම අවසරයත් සමග පෞද්ගලික අංශය සහල් මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.
ඒ අනුව තවදුරටත් සහල් ආනයනය කළහොත් ගැටළුවක් මතුවිය හැකි බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශ කිහිපයක වී අස්වනු නෙළීම ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.