කොල්කටාවේ වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට, ස්වේච්ඡා පොලිස් සේවකයෙකු වරදකරු වෙයි
කොල්කටාවේදී කනිෂ්ඨ වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට ඉන්දීය ස්වේච්ඡා පොලිස් සේවකයෙකු වන සංජේ රෝයි වරදකරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම වාර්තා වූයේ, ගෙවුණු වසරේ අගෝස්තු මාසයේදී යි.
ඉන් පසු එය ‘කාන්තාවන්ට ආරක්ෂාව නොමැතිකම හේතුවෙන් ජාතික කෝපයක්’ ඇති කිරීමට තරම් හේතු වූ අතර, ඇයට යුක්තිය ඉටු කරන ලෙස සහ රජයේ රෝහල්වලට වඩා හොඳ ආරක්ෂාවක් ඉල්ලා සිටිමින් අනෙකුත් වෛද්‍යවරු දින ගණනාවක් පුරා වැඩ වර්ජනයන් හි නිරත විය.
අදාළ වෛද්‍යවරියගේ මළ සිරුර සොයාගෙන තිබුණේ, රජයේ ආර් ජී කාර් වෛද්‍ය විද්‍යාලයේ පංති කාමරයකිනි.
සිදුවීම සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භව තිබුණේ නොවැම්බර් මාසයේදී යි.
නඩු විභාගය ආරම්භ වී දින 57 කට පසු වරද පිළිගත් සංජේ රෝයි අධිකරණයේදී පවසා තිබුණේ ‘තමා වරදට හසු වූ’ බව යි.
ඒ අනුව සාක්ෂි මගින් රෝයිට එරෙහි චෝදනා ඔප්පු කර ඇති බැවින්, ඔහුට නියමිත දඬුවම සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
එහිදී ඔහුට නියමිත දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමේ සිට මරණ දඬුවම දක්වා විහිදෙනු ඇති.
කෙසේ නමුත් වින්දිතයාගේ දෙමාපියන් විමර්ශනය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙම අපරාධය එක් පුද්ගලයෙකු විසින් පමණක් සිදු කළ බවක් පිළිගත නොහැකි බවයි.
එනිසාවෙන් සියලුම වැරදිකරුවන්ට දඬුවම් කරන තුරු තමන් බලා සිටින බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.