පොලිස්පති දේශබන්දු ගැන විමර්ශනය කරන්න පොලිස් කණ්ඩායමක් පත් කරන්නැයි ඉල්ලීමක්

පොලිස්පති දේශබන්දු ගැන විමර්ශනය කරන්න පොලිස් කණ්ඩායමක් පත් කරන්නැයි ඉල්ලීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් නම් කරන‌ ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.

ඒ, පොලිස්පතිවරයාගේ කල්ක්‍රියාව සම්බබන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව විසිනි.

ඊට අදාළ ඉල්ලීම ලිපියක් මාර්ගයෙන් යොමු කරනු ලැබුවේ අදාළ කොමිස අද (25) පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස්වූ අවස්ථාවේදීය.

එසේම කමිටුවට සහයවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති  නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් නම් කොට ඇත.

අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්විණි.

ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව 2025.04.28 දින නැවත රැස්වීමට තීරණය කෙරිණි.

Share This