කොලොන්නාව ආපදා කමිටුව ලබන 24 වැනිදාට පෙර ප්‍රතිසංවිධාන කරන්න

පවතින වැසිකාලගුණ සමගින් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට මුහුණ දීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩනිමින් සූදානම් කරන ලෙස කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ කොලොන්නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී.
නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එළඹෙන 24 වැනිදාට පෙර ආපදා කමිටු ප්‍රති ප්‍රතිසංවිධානය කර අවසන් කරන්නයි.
කොලොන්නාව ගංවතුර පාලනය කිරීම පිළිබඳව හා වැසි කාලය එළඹීමත් සමග ඇතිවිය හැකි හදිසි තත්ත්වයට සූදානම් වීමයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ග්‍රාමීය ආපදා කමිටුව එළඹෙන 24 වැනිදාට ප්‍රතිසංවිධානය කර ගංවතුර පාලනය කිරීම වෙනුවෙන් හා ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කර 26 වෙනදා රැස්වීමට නියමිත සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ලබා දෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
- චන්දන ලක්මාල්