තද සුළං සහ රළු මුහුද ගැන රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ. එය ඉදිරි පැය 24 දක්වා ල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා බලාත්මක වේ.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විසින් විට පැ.කි.මී 60 – 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර විය හැකිය.
මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතී.
ඉදිරි පැය 24 සඳහා කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙයි.