පොහොර සහනාධාරය ප්‍රමාදවීමට හේතුව හෙළි වෙයි

රට පුරා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 35%ක හිඟයක් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය පවසයි.
විෂය භාර අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් ඇතුළු ඉහළ නිලධාරීන් අතර අද (26) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණ විය.
අදාළ නිලධාරි හිඟය මත පොහොර සහනාධාරයේ දත්ත ලැබීම ප්‍රමාදවී සහනාධාර මුදල් ගෙවීම ප්‍රමාද වන බව ද මෙහිදී හෙළි වූ බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ වෙතත් නිසි පුද්ගලයින්ට පමණක් පොහොර සහනාධාරය නිසි කාලයට හිමි විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මේ අතර කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ විසින් යම් චක්‍රලේඛයක් හෝ ගැසට් නිවේදනයක් පළ කරන්නේ නම්, රටේ තත්ත්වය මෙන්ම පවතින වටපිටාව පිළිබඳ අවබෝධයෙන් එය සිදු කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය.
ගැසට් හෝ චක්‍රලේඛ නිකුත් කිරීමේ බලය සහ වගකීම අමාත්‍යාංශ සහ එහි ඉහළ නිලධාරීන් සතු වුවද, ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නම් එවැනි අවස්ථාවන් තුළින් රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන බවත්, අවසානයේ ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත්විය හැකි බවත් කේ.ඩී. ලාල්කාන්තා මහතා පෙන්වා දුන්නේය.
අප දැන් සිටින්නේ සංක්‍රමණීය අවදියක බැවිනි එහි යහපත් මෙන්ම අයහපත් ලක්ෂණ ද ඇති බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. ප්‍රමාදයකින් තොරව මහජනයාගේ ගැටළු සහා විසුම් ලබා දීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.