අමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී යයි

දකුණු ප්‍රදේශයට ශීත කුණාටුවක්

අමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී යයි

අමෙරිකා එක්සත් ජනපද ගල්ෆ් වෙරළ තීරය හරහා දුර්ලභ ශීත කුණාටුවක් හමා යාම නිසා එක්සත් ජනපදයේ වැඩි කොටසක් භයානක ගැඹුරු හිම පතනයක් ඇතිව තිබෙනවා.
එය අමෙරිකාවේ දකුණු කලාපයේ සියවසකට වැඩි කාලයක් පැරණි හිම පතන වාර්තා බිඳ දමමින්, අසාමාන්‍යය හිම කණාටුවක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ටෙක්සාස් සිට නැගෙනහිරින් ජෝර්ජියාව සහ උතුරින් කැරොලිනා සහ වර්ජිනියා දක්වා ඇති බව සඳහන්.
මේ නිසා එම ප්‍රදේශවල මිලියන 31 ක ජනතාවකට හිම කුණාටු අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක බවයි ජාතික කාලගුණ සේවය පවසන්නේ.

හිම සහ කැටි වැසි නිසා ටෙක්සාස් හි මහාමාර්ග සහ ගුවන්තොටුපළවල් වසා දමා තිබෙනවා.
මේ වන විට පුද්ගලයින් හතර දෙනෙකු සීතලට නිරාවරණය වීමෙන් මිය ගොස් ඇති බව සඳහන්.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ ද තවත් කුණාටුවකට ගොදුරු වෙමින් පවතින අතර, එය මේ වන විට අඟල් 18 ක් දක්වා හිමෙන් වැසී තිබෙනවා.
අද දිනය තුළ පමණක් අමෙරිකා එක්සත් ජනපදය තුළ ගුවන් ගමන් 2,200 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තවත් 3,000 ක් ප්‍රමාද කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This