හෘද ස්පන්දනයේ වංශක්කාර රේඩියෝව, රන් FM 18 වන සාංවත්සරික සැමරුම අදයි

හෘද ස්පන්දනයේ වංශක්කාර රේඩියෝව, රන් FM 18 වන සාංවත්සරික සැමරුම අදයි

ලාංකේය ගුවන්විදුලි ශ්‍රාවකයින් අතර අතිශය ජනප්‍රිය ගුවන්විදුලි නාලිකාවක් වන රන් FM, අද (20) සිය 18 වන සංවත්සරය සමරනවා.

2007 වර්ෂයේ ‘රන් FM’ නමින් ඊ ඒ පී මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වයෙන් ආරම්භ වූ ගුවන්විදුලි නාලිකාව, වඩාත් ජනප්‍රිය වූයේ ‘පැරණි සිංහල ගීත අසන්නන්’ අතර ය.

එමෙන්ම කාලීන තොරතුරු ඇතුළත් සංවාද මණ්ඩප සහ සමාජීය ගැටළු පදනම් කරගත් වැඩසටහන්වලට ‘රන් FM’ ප්‍රමුඛතාවය ලබාදෙයි.

ලාංකේය සංස්කෘතිය පෝෂණය කරමින්, කලාව – සාහිත්‍ය තවදුරටත් රැකගනිමින් ඉදිරියට ‍යන ‘රන් FM’ නාලිකාව, තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවායි monara.com අපෙන් සුභාශීංසන.

Share This