රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුතා රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, හිටපු අමාත්‍යවරයාගේ අල්ලස් නඩුවේ සැකකරුවෙකු ලෙස ඔහු අධිකරණය මඟින් ඊයේ (20) නම් කළ පසුබිමකය.
රමිත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (21) පෙවරුවේ අල්ලස් කොමිසමට පැමිණියේය.
ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.