වැසි තත්ත්වය තවදුරටත්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම ඊට හේතුව බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.