දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට අද (25) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.
ඌව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
වයඹ පළාතෙත් වැසි වාර කීපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
චන්දන ලක්මාල්